පොලිස් නීතිය ක්‍රියාත්මක වන්නේ මහ පාරේ ද?
මේ දිනවල සමාජය කළඹා ඇත්තේ අපරාධකරුවන් හා සබැඳි පාතාල ක්‍රියාකාරකම් සමගය. ආයුධ බලන්නට රැගෙන ගිය අපරාධකරුවන් දෙදෙනෙකු පොලිසියේ ආයුධ උදුරන්නට ගොස් වෙඩි වැදී මිය ගිය පුවතද මේ දිනවල වැඩි අවධානයක් දිනා ඇති අතර ප්‍රබල අපරාධකරුවකු වූ මාකඳුරේ මධෝෂ් මීට පෙර ආයුධ බලන්නට ගොස් මිය ගිය අවසාන අපරාධකරුවා විය.
ප්‍රභල අපරාධකරුවන් මෙලෙස ඝාතනය වීමට ප්‍රධාන හේතු කිහිපයකි. අපරාධ කරුණු නීතිය හමුවට ඉදිරිපත් කර නඩු කටයුතු සඳහා ගතවන කාලය අතරතුර අපරාධ කරුණු නිදහස් වී සමාජයට එක්වීමේ අවධානමක් ඇති නිසා අපරාධකරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීමෙන් කිසිදු මහන්සියකින් තොරව සියල්ල අවසන් කළ හැකි බවට පොලිසිය විශ්වාස කිරීම එක් හේතුවකි. මාකදුරේ මදුෂ් ද ඝාතනයට ලක්වූයේ මේ හේතුව නිසා වියය හැකිය.
ශ්‍රී ලංකාවේ අධිකරණ නීතියට අනුව මහපාරයේදී විත්තිකරුවන් මරා දැමිය නොහැකි අතර නඩු විභාගයකින් පසුව පමණක් විත්තිකරුවන්ට එරෙහිව අධිකරණය නිර්දේශ කරන පියවර ගත යුතුය.සමහර විට එය සිර දඬුවමකි. නැතහොත් මරණ දඬුවමකි.මරණ දඬුවම නියම කළද හිර ගෙදර අළුගෝසුවා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත.මන්දයත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති නිර්දේශය අවශ්‍ය වේ.1977 දී බලයට පැමිණි ජයර් ජයවර්ධන අපරාධ කරුවන් එල්ලා මැරීම නිල නොවන මට්ටමින් නැවැත්වූ අතර පසුව මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පරිවර්තනය විය විය.
මෙලෙස අපරාධකරුවන්ට අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වූ විට පිටරට සිටින අපරාධකරුවන් අල්ලා ඔවුන්ව මව් රටවලට භාරදීමට එම රටේ ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.මෙරට ප්‍රධාන යැයි සැලකෙන බොහෝ අපරාධකරුවන් රැඳී සිටින්නේ ඩුබායි රාජ්‍යයේ ය.නමුත් ඔවුන් සියල්ලන්ම දුරකථන මාර්ගයෙන් ලංකාවේ අපරාධ රැල්ල මෙහෙයවනු ලබයි.මේ දිනවල ප්‍රධාන මාතෘකාව වී ඇති ගණය මුල්ලේ සංජීව ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් කෙහෙල්බද්දර පද්මේ සිටින්නේද ඩුබායි රාජ්‍යයේ ය.ඔවුන් අපරාධ සිදු කරන්නේ තමා ජීවත් වන රටේ නොවේ මෙය නිසා ඔවුන් ජීවත් වන රටට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදුකල නොහැකිය.
අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන්ට නිසි දඬුවම දෙන බවට පොලිසිය හා ආරක්ෂක අංශ වෙත ආණ්ඩුව විශ්වාසයක් ඇති කිරීම අත්‍යවශ්‍ය වේ.නැතහොත් සිදුවන්නේ පොලිසියට මහත් කරදරයක් වූ අපරාධකරුවන් පොලිස් වෙඩි පහරින් මරුණුවට පත්වීමයි.අපරාධඅපරාධකරුවකු සැකකරුවකු මිය ගිය විට සිදුවන්නේ ඔහු සමග ඔහු සන්තක සියලු තොරතුරු ද වලපල්ලට යාමයි. මේ නිසා පොලිසිය අපරාධ කරුවන් සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව නැවත නැවතත් අවධාරණය කළ යුතුය.
Comments
Post a Comment