වෙස් මුහුණු බැදි ආදරය

බිඳ දමන්නට බලාපොරොත්තු

බැඳ වෙස් මුහුණු

හිතුවතුනි,

පැමිණෙන්නේ ආදරයයි

සැප පහසු මෙට්ට උඩ

ආත්මය තබා උකසට

රොන් උරා පැන යන්නේ

ආදරයෙන් මත් කළ

පිරිමින්ම ය.

ආදරය නාමයෙන්

හදවතේ ප්‍රේමය

ලියා දුන් පිරිමින්ට

හඬන්නට කඳුළු දුන්නේද

ගැහැණුමය.




Comments

Popular Posts