ලබා සම්මාන අම්මා දවසක හොඳම නිළියට

 බඩගින්න හංගගෙන

වතුරින් කුස පුරවාගෙන

හන්තානට වඩා උස

දුකක් හිතේ හංගාගෙන

මහවැලියක කඳුළු

ඇස් අස්සේ රඳවාගෙන

ලබා සම්මාන අම්මා

දවසක හොඳම නිළියට 


ලඟ නොමැති තප්පර

දවස් වෙන් දැනුනා

ඇය නොමැති ජීවිතේ

පාලු යැයි සිතුනා

තනි තරුව වී මගේ

අහස එළි කෙරුවා

රැජිණ වී හැමදාම

මගේ ලගම ඉන්නා





Comments

Popular Posts