වටින උපාධි ලංකාවේ කුණු කූඩයට
අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ ලේකම් සමඟ 27 දෙනෙකු අත්අඩංගුවට ගනු ලබන්නේ අධ්‍යාපනයට අත්හට ලබා දෙනවා යැයි කියමින් පැමිණි පක්ෂයක් රට පාලනය කරන සමයකය.
අතිශය තරගකාරය උසස් පෙළ විභාගයට ජීව විද්‍ය අංශයෙන් මහ නැති ඉතා ඉහළ ප්‍රතිඵල ලබා සෙව් වසරක විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළ අනේක විට දුක්ඛම්කටොළු වලට මුහුණ දී උපාධිය ලබාගත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ජීවිත තවදුරටත් සින්නවීමට වන්නේ මහා මාර්ග වලට වීම කණගාටුවට කරුණකි.
වර්ෂ 1995 වන විට ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගුණාත්මක හා ප්‍රමාණාත්මක සංවර්ධනයක් උදෙසා සමසෞඛ්‍ය උපාධි පාඨමාලා අාරම්භය පිළිබඳ සාකච්ඡා ඇරඹුණි. 2003 වර්ෂයේ දී සමසෞඛ්‍ය උපාධි පාඨමාලා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණු අතර 2005 වර්ෂයේ අධ්‍යාපනික පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහළ ලකුණු ලබා ගත් සිසුහු ප්‍රථම සමසෞඛ්‍ය ශිෂ්‍ය කණ්ඩායම ලෙස 2006 ජූලි 17 පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණියහ.
නමුත් එම ක්‍රමයම යථාර්ථයක් කිරීමට නොදී තිඹිරිගෙය තුළම මරා දැමීමට බොහෝ පිරිස් උත්සාහ කළ ද එය එසේ නොවීමට 2005 වසර කණ්ඩායම ඇතුළු පළමු සමසෞඛ්‍ය ශිෂ්‍යයන් ආචාර්ය මණ්ඩලය හා ක්ෂේත්‍රයේ මිනිසුන් දැවැන්ත කැපවීම ප්‍රමාණයක් සිදු කළහ. එහෙයින් ආරම්භ වූ සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව තවත් විශ්වවිද්‍යාල ගණනාවක ම ආරම්භ කිරීම සිදුකරන ලදි.
සමසෞඛ්‍ය විද්‍යාවේදී උපාධිධාරීන් යනු වෛද්‍ය විද්‍යාවේදී උපාධිධාරීන් මෙන්ම ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සඳහා රටට අත්‍යාවශ්‍ය වෘත්තිකයන් වේ.
කණගාටුවට කරුණ නම් නිදහස් අධ්‍යාපනයෙන් වැජඹෙන රාජ්‍ය විශ්වවිද්‍යාල වල ගැටලු මෙතෙක් තිබියදී වුවද පාලකයන් විසින් ඒවා නොසලකා හරිමින් සම සෞඛ්‍ය උපාධි වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කරගෙන තිබීමයි.
අපගේ විශ්වාසය වන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍ය යනු මිනිසුන් විසින් ලැබිය යුතු අයිතීන් මිස වරප‍්‍රසාද නොවන බවයි. එහෙයින් මුදල හා ලාභය මත පදනම් ව සිදුවන අසාධාරණය ගැන කතා කිරීමට කාලය එළඹ ඇත.
මෙලෙස දුෂ්කර ගමන් මගක් පැමිණි සම සෞඛ්‍ය වෙද්දාර්ථයන් ඉල්ලා සිටින්නේ නිශ්චිත වැඩිපෙළිවෙලක් ක්‍රියාත්මක කොට ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසය.අධ්‍යාපනය උපාධි කුණු කල්ලයට වැටෙන යුගයක නිවැරදිව තමා උගත් දෙයින් රටට සේවය කෙරීමට ඔවුන්ට ඉඩ සලසා දීම ආණ්ඩුවේ වගකීම කියන්න අවතාරණය කරමි.
Comments
Post a Comment