පාලු වූ මහ ඉඩම
ඉස්සර සතුට අද නෑ දුක බේරෙනවා
කවුරු කොහොම කිව්වත් අප තනිවෙනවා
හැම පැමි බිඳී එකිනෙක දුර ඇවිදිනවා
අවසානෙදි මව්පියෝ අපි තනිවෙනවා
ලොකු පුතු නෑ ළඟක දුරකතර ගොසින්
පොඩි දුව ගොසින් දෑවැද්දත් කරට ගෙන
උන් දෙන්නටයි වියදම ගියේ අහස උස
ඉගෙනුම නිසයි තිබ්බේ මහ ගෙදර හිඟ
හැම රෑ දෝංකාරය දෙයි උළුවහළේ
සතුට සිනහව නෑ ඉහිලුම් හඬ පමණයි
මරණෙදි රැඳෙන්නට හැකිනම් මේ වහල යට
ඉන්පසු සින්න වනු මැන මේ ඉඩම හෙට
Comments
Post a Comment