කියන තරම් video games යකා ඇත්තටම කලුයිද?

 Video games ඇත්තටම නරකයිද? සමාජයේ බහුතර දෙනාගේ අදහස අනුව වීඩියෝ games යනු කිසිදු ප්‍රයෝජනයක් නොමැති ක්‍රීඩාවක් ය.නමුත් ඇත්තටම එය එසේද වීඩියෝ games කිසිදු ප්‍රයෝජනයක් නොමැති දෙයක්ද?

විනෝදාස්වාදය ලබා ගැනීම අරමුණු කරගෙන සිදුකරන වීඩියෝ ග්‍රේම්ස් ක්‍රීඩා කිරීම නරකයිද විනෝදාස්වාදය ලබා ගැනීම නරක දෙයක් නොවු නමුත් එහි සීමාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත.

Video games නිර්මාණය වූයේ කාලය අධ්‍යාපනය වැනි වටිනා ද විනාශ කර දැමීමට පමණක්ම නොව සුවිශේෂී යහපත් අරමුණු මූලික කර කර ගනිමින්ද වීඩියෝ games නිර්මාණය කර ඇත. විනෝදාස්වාදය අධ්‍යාපනය සමාජ එකමුතුභාවය නිර්මාණය කිරීම සමාජ කුසලතා වර්ධනය කිරීමට මෙන්ම මානසික නිදහස සඳහාද වීඩියෝ games නිර්මාණය කර ඇත. නිවැරදි වීඩියෝ games  තෝරා ගැනීමට සියල්ලෝම බුද්ධිමත් විය යුත්තේ යහපත් දේ සඳහා මෙන්ම අයහපත් දේ සඳහාද වීඩියෝ games නිර්මාණය වී ඇති බැවිනි.

බොහෝ විට වීඩියෝ games ප්‍රධාන බලපෑමක් එල්ල කරනු ලබන්නේ අධ්‍යාපනය ලබන පිරිස් වලටය.ඔවුන්ට වීඩියෝ games යහපත් ආකාරයට යොදාගත නොහැකිද භාෂාව පුහුණුවීමට, ගණිත කුසලතා වර්ධනයට, මානසික නිදහස වෙනුවෙන්  වීඩියෝ games යොදාගත හැකිය. අනතුරුදායක ක්‍රීඩා ක්‍රියාකාරකම් වෙනුවට වීඩියෝ ගේම්ස් මඟින් ලබාගත හැකි සතුට ලබාගෙන එය ආරක්ෂිත ක්‍රමයක් ලෙස භාවිතා කිරීමද සිදුකළ හැකිය.කණ්ඩායමක් ලෙස සිදු කරනු ලබන වීඩියෝ games තුලින් කණ්ඩායමක් තුළ හැසිරෙන ආකාරය සමාජ ආකර්ෂණය රඳවා ගත හැකි ආකාරය ඉගෙනීමට අවස්ථාව හිමිවේ.වර්තමානය වන විට බොහෝ  විට රටවල් කිහිපයක පුද්ගලයන් එකතු වී වීඩියෝ ගේම්ස් ක්‍රීඩා කරනු ලබන අතර ඒවායේ යහපත් ලක්ෂණ බොහොමයකි.එසේම තීරණ ගැනීමේ හැකියාව වේගවත් කිරීමට සිත එකඟ කර ගැනීමට වැනි යහපත් ගුණාංග පුරුදු පුහුණුවීමටද වීඩියෝ games යොදාගත හැකිය.


නමුත් මතක තබා ගත යුතු ප්‍රධානතම කරුණ වන්නේ සියල්ල ප්‍රමාණවත් පරිදි සිදු කළ යුතුය යන්නයි.කිසිදු දෙයක් ඕනෑවට වඩා ඕනෑම  නැත.

Rephrase with Ginger (Ctrl+Alt+E)

Comments

Popular Posts