උදේශිකා ප්‍රබෝධනී ඇත්තටම ගෙදර ගියේ බස් එකේ ද?

 


 ආසියානු කුසලානය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට රටේම අවධානය යොමු වුණේ නිතැතිනි. නමුත් එම කිරුල  දිනා ගන්නා තාක් බහුතර ශ්‍රී ලාංකිකයෝ දැන සිටියේ චමල් අතපත පිළිබඳව පමණි.ආසියානු කුසලානය දිනා ගැනීමෙන් පසු උදේශිකා ප්‍රබෝධනයේ බස් එකේ ගෙදර ගිය කතාවට අත්තටු ලැබෙන්නේ මේ අතරය.

උදේශිකා ප්‍රබෝධනය යනු ලෝකයේ ප්‍රධාන රටවල් වට අතර විස්සයි වෙස්ස තරගාවලිය ක්‍රීඩා කරන වයස්ගතම ක්‍රීඩිකාව වන අතර ඇයට වයස් අවුරුදු 38 ක් වේ.මේ වනවිට ඇය ලෝකයේ වැඩිම විස්සයි විස්ස කඩුලුලාභී වමත් වේග පන්දු යවන්නිය වන අතර 2014 වසරේදී ඇය 20-20 පන්දු යවන්නියන් අතර පලමු තැනට පත් විය.චමරිය අතපත්තු හැරෙන්නට විස්සයි විස්ස අන්තර්ජාතික කාන්තා තරඟ සිහියක් ක්‍රීඩා කළ කල ලංකාවේ එකම ක්‍රීඩිකාව වන්නේද ඇයයි. උදේශිකා යනු ඉතාම නිවැරදි ලයින් සහ ලෙනින්වල පන්දු යවන කඩුල්ල තුළට පන්දුව දෝලනය කරන විශිෂ්ට පන්දු යවන්නියකි.


ආසියානු කුසලානයේ අවසාන පන්දුවාරය යැවීමට ඇයට ලබා දුන් අවස්ථාවේදී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක මානසිකත්වය වටහා ගැනීමට සජීවී විකාශය උපකාරී විය. ඇයට අවසාන පන්දුවාරය ලබාදීම බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නට විය. වරක් කුසල් මෙන්ඩිස් මාධ්‍යයට ප්‍රකාශ කරන ලද 'ක්‍රිකට් දන්න මිනිස්සු විතරයි මාත් එක්ක හිටියේ' යන ප්‍රකාශය මේ අවස්ථාවට ද සුදුසුය.මෙවැනි සියලු ද තිබියදී මාධ්‍ය උදේශිකාව අල්ලා ගන්නේ වැරදි තැනකිනි. ඇය නිවසට ගිය ආකාරය ඔවුන්ට වැදගත් වූයේ මාධ්‍ය වගකීම සදාචාරය අමතක කොටය.  සියලු මාධ්‍ය මෙම පුවතට තටු ලබා දුන්නේ සමාජ පරිහානිය මෙන් ම මාධ්‍යයේ  පරිහානිය පෙන්වා දෙමිනි.ක්‍රීඩකයෙකුගේ දක්ෂතාවය ඉස්මතු කරමින් ඔවුන්ගේ වටිනාකම් රටට කීමට සිටිනා මාධ්‍යකරුවන් විනාශ කර දමන්නේ ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපය යි.

සබුද්ධික ප්‍රජාව මේ සෘණාත්මක ආකර්ෂණය ලබාගන්නා මාධ්‍ය කලාව ප්‍රතිකේෂ්ප කල යුතු අතර  රටක දියුණුවට බලපාන වගකීම් සහගතව මිනිසුන්ගේ චින්තනය තියුණු කරවාලීමට කටයුතු කළ යුතුය.බුද්ධිමතුන්ගේ නිහඬතාවය තරම් අපරාධයක් රටකට තවත් නොමැත.එම නිසා සබුද්ධික ප්‍රේක්ෂක ජනතාව ද නිවැරදි දේ වෙනුවෙන් හඬ නැගිය යුතුය.

Comments

Popular Posts