ලාංකික ජීවිතයකට මූලික අවශ්‍යතා ලැබීම ප්‍රමාණවත්ද ?

  ජනාධිපතිවරණය කරළියට පැමිණීමත් සමග සමඟ මේ වන විට පොදු ජනයාගේ අවශ්‍යතා පිළිබඳ මහත් කතිකාවතක් ඇති වී ඇත.  සියලු අපේක්ෂකයන් අපගේ අවශ්‍යතා සපුරාලීමට සහතික වෙමින් පවතින යුගයක ඔවුන්ට සහාය දක්වන්නෝද බොහෝවිට මූලික අවශ්‍යතා සපුරාලීමට ජනාධිපති අපේක්ෂකයන් සූදානම් බව දක්වමින් ඔවුන්ට සහය දක්වයි.

maslow's hierarchy  තියරිය කියන්නේ psychological theory එකක් වන අතර මිනිස්සුන්ට අවශ්‍යතා හා අපි ප්‍රායන් පිරමීඩයක් ආකාරයට විස්තර කිරීමක් මෙහිදී සිදුවේ. අදියර පහක් යටතේ අවශ්‍යතා විදහා දක්වන මේ පිරමීඩය සම්පූර්ණ වීමට අදියර එකින් එක සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය  වේ. මේ අදියර සාක්ෂාත් කරගැනීම අපගේ කැපවීම මෙන්ම බාහිර සමාජය යන සාධක එක සේ වැදගත් වේ. මේ අදියර සියල්ල සාක්ෂාත් කර ගැනීමෙන් පසු quality of life මට්ටමට පැමිණීමට හැකියාව ලැබේ.

නමුත් අවාසනාවකට ලාංකේය මිනිසුන් සිතන්නේ අපගේ මූලික අවශ්‍යතා වන ජලය ආහාර විදුලිය ගෑස් වැනි දෑ අවශ්‍යතා තුළින් අපගේ ජීවිතය සම්පූර්ණ වන බවයි.maslow's hierarchy  පිරමීඩයහි අවසාන අවශ්‍යතාවය වන ස්වයං අභිමානය ලබා ගැනීමට ප්‍රමාණවත් සාධක අප සතු විය යුතුය.එය මූලික අවශ්‍යතා තුළින් ඔබ්බට යාමක් වන අතර එය අපගේ ජීවිතය සම්පුර්ණ කරයි.

සිතන්න ඔබට අවශ්‍ය කෙටි ජීවිතය තුළ මූලික අවශ්‍යතා තුළින් එදිනෙදා ජීවත්වීමට පමණක්ද නැත්නම් සොයන්න තෘප්තිය ලබා ජීවිතය සංතෘප්ත කරගැනීමට ද ?

Comments

Popular Posts