කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිකමට සුදුසු ද?

 හිටපු සෞඛ්‍ය ඇමති ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමන්ට පින් සිද්ද වන්නට ඔවුන්ටම ඡන්දය ලබා දුන් අහිංසක මිනිසුන්ට සිය ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු වූ මෑත අතීතය ඔබට අමතක නැතැයි සිතමි.

රට තුළ ඖෂධ වර්ග 182 ක හිඟයක් පවතින බවත් ඒවා හදිසි මිලදී ගැනීමක් නොකලොත් මාස තුනකින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටිය හැකි බව සඳහන් කරමින් සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඇමති මණ්ඩලයට යොමු කර ඇත. මේ ආකාරයෙන් ඖෂධ වර්ග 182 ක් පිලිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හදිසි මිලදී ගැනීමක් යටතේ සිදුකිරීමට 2022 වසරේ ඔක්තෝබර් මස 24 වැනිදා අනුමැතිය ලබා ගෙන තිබේ. ඒ අවස්ථාව වන විටත් රට තුල එම ඖෂධ වර්ග 182 තොග පැවති ඇත.

සෞඛ්‍ය ඇමති පදවිය ලබා දෙන්නේ සාමාන්‍ය පොදු ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරනු උදෙසාය.නමුත් සිරි ලංකාවේ දුරය කෙහෙලය නමක් වැල්ල දරා ඇත්තේ ඔහුගේ මුදල් ආශාව තහවුරු කර ගැනීම උදෙසා මිස ඔහුගේ ඡන්දදායකයන්ගේ ජීවිත සුරක්ෂිතභාවය තහවුරු කිරීමට නොවේ.

නිල පාර්ලිමේන්තු වෙබ් පිටුවට අනුව හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ අධ්‍යාපන සුදුසුකම් තිබූ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාව සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් කිරීම මගින් එවකට ජනාධිපති වරයා ලක්ෂ ගණනක් වූ අහිංසක මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙලූ බව නිතර්කයෙන් පිළිගත යුතුය.

පසුගිය වසරේ කෙහෙළියට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගයෙට විරුද්ධව 113ක් ඡන්ද ලබා කෙහෙළිය ජයග්‍රහණය කළේ විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 73ක් ලැබෙන මොහොතකය.එම විශ්වාසභංගය පෙන්නුම් කලේ රටේ ජනතාවගේ ජිවීත පිලිබද මහජන නියෝජනයට ඇති වගකීම නොවේද?

 තමාගේ යම් යම් ආශාවන් සංසිඳුවා ගැනීම උදෙසා මිනිස් ජීවිතවලට අත්‍යවශ්‍ය ඖෂධ යොදා ගනිමින් වගනිමින් වංචා කිරීම රටේ අමාත්‍යවරයෙකුගේ කාර්යභාරයද?

Comments

Popular Posts