මාධ්‍ය තුළ පවතින ස්ත්‍රී පුරුෂ නැඹුරුතා ස්ත්‍රීත්වය අධෛර්යමත් කරනවාද?

අන්තර්ගතය විචාරශීලීව විශ්ලේෂණය කර අවබෝධ කර ගැනීමට ඇති හැකියාවයි.මෙහිදී යම් තොරතුරක් හමු වූ විට එය ප්‍රශ්න කිරීමට අවබෝධ කර ගැනීමට මාධ්‍ය ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීම අනිවාර්ය වේ.මාධ්‍ය තුළ පවතින්නා වූ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හඳුනා ගැනීමට අපට මාධ්‍ය සාක්ෂරතාවය අත්‍යවශ්‍ය වේ.      

 මාධ්‍ය බොහෝ අවස්ථාවලදී ස්ත්‍රීත්වය හුදු වෙළඳපාණ්ඩයක් ලෙස නිරූපණය කරනු ලබයි.මෙලෙස ස්ත්‍රීත්වය වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන්නේ රූප හෝ නිශ්චිත සේවා හෝ භාෂා භාවිතයන් තුළිනි.සාධාරණ ස්ත්‍රී පුරුෂ නැඹුරුතාවයන් මාධ්‍ය තුළ නිර්මාණය කිරීමට නම් අපේ ව හඳුනා ගැනීම සිදුකළ යුතුය.බොහෝ භාණ්ඩ සේවා කාන්තාව නිරූපණය කරනු ලබන්නේ සාම්ප්‍රදායික ගෘහණියන් ඒසේත් නොමැති නම් සාම්ප්‍රදායික ස්ත්‍රී චරිත ලෙසය.මෙය විසි දැක්වෙන සිය වසර නොගැලපෙන දෙයක් යැයි ඔබට හැඟෙනවාද? ස්ත්‍රීත්වය මේ යුගයේදී සියලු බර කරට ගෙන සිටින අතර මෙවැනි නිරූපණයන් මගින් ඔවුන් අධෛර්යමත් කරනවා නොවේද?   


මාධ්‍ය සමග විචාරශීලීව සම්බන්ධ වීම මගින් යල් පැන ගිය මෙම ඒකාකෘතිවලට අභියෝග කිරීමට හැකියාව ලැබෙනු ඇත.           

 මාධ්‍ය සාක්ෂතාවය තුළින් ස්ත්‍රී පුරුෂ සමාජ භවය ප්‍රවර්ධනය කිරීමට සාක්ෂරතාවයෙන් හෙබි පිරිස් කළ යුත්තේ ස්ත්‍රී පෝෂණය වචනය ප්‍රශ්න කිරීම,අන්තර් කරණය වූ අන්තර්ගතය වෙනුවෙන් පෙනී සිටීම,ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සංවේදී ලෙස භාෂා භාවිත කිරීම සහ වෙනසක් වෙනුවෙන් පෙනී සිටීමයි.            

අප පරිශීලනය කරන මාධ්‍ය සමග විචාරශීලීව කටයුතු කිරීම මගෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කළ හැකි බව සිහි තබා ගන්න.

Comments

Popular Posts