ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තාවන් නියෝජනය වැදගත්කම

  2024 මහ මැතිවරණයට ඇත්තේ අතක ඇඟිලි සංඛ්‍යාවටත් අඩු දින ගණනකි.ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ කිසිදු කාන්තා අපේක්ෂිකාවක් නොමැතිකම දේශපාලනය තුළ කාන්තාවන් මුහුණ දෙන අභියෝග කතාබහට ලක් කිරීමට ප්‍රධාන මාතෘකාවක් විය.තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා කවදාවත් සම්බන්ධ නොවීම තුළින් සෞඛ්‍ය අධ්‍යාපනය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැනි තීරණාත්මක ගැටලු වෙත යොමුවන අවධානය අඩුවේ.          

රටේ ජනග්‍රහණයෙන් හරි අටකට වඩා කාන්තාවන් නියෝජනය කරන රටක ඉහළම නිරය සඳහා අඩුම වශයෙන් එක් කාන්තාවක් හෝ ඉදිරිපත් වී නොසිටීම දේශපාලනික වශයෙන් පමණක් නොව සාමාජීය වශයෙන් ද ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ප්‍රශ්න කරන සාධකයකි.නමුත් මහ මැතිවරණයේදී කාන්තා නියෝජනයක් දක්නට ලැබේ. සෑම පක්ෂයකින්ම පාහේ තම කණ්ඩායම සඳහා කාන්තා නියෝජනයන් තෝරාගෙන ඇත.මෙය සාමාජීය වශයෙන් කතාබහට ලක්වන සහ වැදගත්කමක් ඇති කරුණකි.ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට පණස් දෙකක් කාන්තාවන් වුවද පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට පහයි දශම හතරකි.දකුණු වාසියාව තුළ කාන්තා නියෝජනය සියට දහ අටක් සහ ගෝලීය වශයෙන් දේශපාලනයේදී කතානය වචනය සියයට 255ක් නිසා හඳුනාගත හැකිය.       


කාන්තාවන් දේශපාලනයේ බැහැර කිරීම හේතුවෙන් ප්‍රජනන ඓතිහාසිකම් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පතරම් වූ ප්‍රචණ්ඩත්වය සහ ආර්ථික සමානාත්මතාවය වැනි ගැටළු වලට වැඩි අවධානයක් නොලැබෙන අතර කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීමෙන් සමානාත්මතාවය පදනම් කරගත් ප්‍රතිපත්ති සම්පාදනය සහතික කිරීමටත් තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළට විවිධත්වයත් එකතු කර ගැනීමටත් හැකියාව  ලැබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ක්‍රියා කළ හැක්කේ කාන්තා නායිකාවන් සඳහා මාධ්‍ය තුළ වැඩි අවස්ථාවක් ලබා දීම, දේශපාලනයේ නියැලෙන කාන්තාවන්ගේ අත්දැකීම් බෙදා ගැනීම , ඒකාකෘති සහ නැඹුරුතාවයන්ට අභියෝග කිරීම වැනි කාරනා තුලිනි.මැතිවරණ වලට තරග කිරීමට කාන්තාවන් දිරිමත් කිරී සහ ඔවුන් සවිබල ගැන්වීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමෙනි.

ජනාධිපතිවරණයට  කිසිඳු කාන්තා අපේක්ෂකයෙකු නොමැති වුවද වර්තමානයේ මහමැතිවරණය තුල කාන්තා නියෝජනයන් ද්ක්නට ලැබෙන බව අප කිසිසේත් අමතක නොකළ යුතුය.කාන්තා නියෝජනය යනු සාධාරණත්වය පිළිබඳ කාරණයක් පමණක් නොවන අතර, වඩා ඵලදායී පාලනයක් සඳහා එය අත්‍යවශ්‍ය වේ.

Comments

Popular Posts