මැයි මාර ගස් මලින් පුරවා ලු අප්‍රකාශිත ප්‍රේමය

ගවරවෙල කන්ද පිස 

හමා එන සුළං රැලි 

අද ද කියන්නේ

අවාරයේ පවා මල් පිපි 

මැයි මාර ගස ආදරයෙන් පුරවාලු 

අප්‍රකාශිත ආදරයක බලාපොරොත්තුව

 අපහසු මාවත තෝරාගත් සංචරනියට 

පහසු මාවතක් තනා දුන් නොකියු ආදරය 

දමා ගිය තුත්තිරි මල් මිට රදා ගත් මතකය 

දරා සිටි අයුරු තනිවම      

ලොවක් නොදන්නා ඔබ පමණක් ම දන්නා 

සංචරනිය 

මතකය දරා කදුලු බිදු සගවාන 

අදත් ඇති ලෝකයේ කෙලවරක




Comments

Popular Posts