මනමේ පැරදුනාද රැවටුනාද

 මනමේ ඔබ පැරදුනාද රැවටුනාද

දන්නේ ඔබම පමණයි ඇත්ත ඇත්තමයි

ගැහැණු සිත් හරිම බොළඳයි


දුන්නානම් ආදරය අවැසි ලෙසට

කුමරිය දෙන්නේ නෑ කොපුව ඔබට

කටුව උදුරා ගත්තා ද කුමරා යසට

ඉතින් ගැහැණිය චපල වූවා ලෝකයට


ඇත්ත දන්නේ කව්රුද

තාම ඇත්ත සැකය විතරද

දෙපිල බැඳී ඇයි මේ විවාද

දැන් ඉතින් ඇත්ත දන්නවාද 


කුමරිය දුන්නානම් කඩුව වැද්දට

ඔබ රැවටුනානව පැරදුණා

රජෙක් ළඟ නොලැබූ ප්‍රේමය

වැද්ද ළඟ තිබූ හින්දා





Comments

Popular Posts