සියල්ල විනාශ කරන ලැව් ගිනි
අද අප කතා කරන්නේ ලැව් ගිනි ගැනය.ලැව් යන්නෙන් කැලෑව සංකේතවත් වන අතර කැලෑවේ හටගන්නා ගිනි ලැව් ගින්න නම් වේ.ජනවාරි පෙබරවාරි මාස දෙකේ පුපුරන්නට ගිය ඉර කැලෑ දර කෝටුවක් බවට පත් කර තිබේ.ඉතින් දැන් ඇතිරිල්ලක් ඇතිල්ලුනත් ගින්නක් හට ගැනීමට සුදුසු පරිසරයක් රක්ෂිත ආශ්‍රිතව නිර්මාණය වී තිබේ.කඳුකරයේ පිහිටා ඇති වනරක්ෂිතවල මේ තත්ත්වය දැකගත හැකි අතර වසරේ ගත වූ පළමු මාස දෙක තුළ ලංකාවෙන් වැඩි වශයෙන් ලැව් ගිනි වාර්තා විය.
ඇතිවී තිබෙන ලැව් ගිනි ප්‍රමාණය වැඩි නිසා ලැව් ගිනි පාලන සතියක්ද රජය මගින් ප්‍රකාශ කර ඇත. මේ ලැව් ගිනි පාලන සතිය තුළ සිදුකරන්නේ ලැව් ගිනි ගැන දැනුවත් කිරීමත් ලැව් ගිනි හටගත් විගස එය පාලනය කිරීමට සූදානම් වීමත් හා ලැව් ගිනි හට ගන්නා මූලයන් විනාශ කිරීමත්ය. ලව් ගින්නක් ඇති වූ විගස එය කෙළවරක් නොමැතිව ව්‍යාප්ත වී යයි. ඉතින් මෙය භයානක තත්ත්වයකි.
ලෝකය පුරා අවධානය දිනා ගනිමින් ලෝක ඉතිහාසය මෙතෙක් හටගත් විශාලතම ලැව් ගින්න පසුගිය දෙසැම්බර් මාසයේ ඇමෙරිකාවේ කැලිෆෝනියාව ප්‍රාන්තයෙන් වාර්තා විය.එහෙම ලැව ගින්නෙන් වන සතුන් මිනිසුන් මෙන්ම නිවාස ලක්ෂ ගණන්ද විනාශ විය.එය වාර්තා කළ නොහැකි තරමේ විනාශයකි.
ලැව් ගිනි ඉබේටම හට හටගනී නැතිනම් ගින්දර පත්තු කර වේලි කැලෑවට ගිනි තැබීමෙන්ද ලව් ගිනි නිර්මාණය වේ.මේ සිරි ලංකාවේ මේ දෙවෙනි ක්‍රියාව කරන්නට ඕනෑ තරම් අනුවණයෝ සිටිති.ඉංග්‍රීසි ආණ්ඩු සමයේදී වනාන්තර ගිනි තැබීම රාජද්‍රෝහී ක්‍රියාවක් වූ අතර මෙයට හේතුව වූයේ ඉංග්රීසිකාරයෝ පරිසරයට ආදරය කිරීම නම් නොවේ.වනාන්තර ඇවිලි ගොස් කුරුඳු හෝ තේ වගාවන්ට හානි වීමට තිබූ හැකියාව නිසා වනාන්තර ගිනි තැබීම විනාශයක් ලෙස ඔවුන් දකින ලදී.මේ නිසා වනයට ගිනි තබන අය අල්ලා එක පෙලට තබා වෙඩි තබන ලදී.
වනාන්තරයක් නිර්මාණය වන්නේ දවසින් දෙකෙන් නම් නොවේ.ඒ සඳහා අවුරුදු 300 ත් 400 ක් අතර කාලයක් ගත වේ.සිංහරාජය යනු අවුරුදු දහස් ගණනක් පැරණි වනාන්තරයකි.ඉතින් මේවා රැක ගත යුතු නොවේද?ගින්නෙන් සිදුකළ හැකි එකම දෙය නම් පිලිස්සීම පමණකි.ගින්නෙන් නැවත කිසිදු දෙයක් ගොඩ නැගිය නොහැකි අතර ගින්න අප රැගෙන යන්නේ විනාශය කරා පමණකි.
Comments
Post a Comment