ඔබේ මුදල් ඔබ රැකගන්න.
මූල්‍ය සහ ආයෝජන යන වචන ඉලක්ක කර ගනිමින් මෙරට මුදල් වංචා වැඩි වශයෙන් සිදුවේ. පිරිසක් ඒවා සිදුකරන අතර තවත් පිරිසක් ඒවාටට රැවටෙති.මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම්වල හැර වෙනත් ආයතනවල සහ පුද්ගලයන් සමග මූල්‍ය කටයුතු කිරීමට පෙර අවධානය ලබාදිය යුතුය.නැතහොත් ඔබට සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමටය.සාමාන්‍ය පුරවැසියන් මෙම වංජනික උගුල්වලට රැවටීම නිසා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන සමාගම් හා පුද්ගලයන් හැරක් වෙනත් ආයතන සහ පුද්ගලයන්ට මූල්‍ය යන වචනය යොදා ව්‍යාපාර කිරීම තහනම් කරමින් මහ බැංකුව නියෝග නිකුත් කර තිබුණද එවැනි ව්‍යාපාර සිදු කරන පිරිස් මෙන්ම ඒවාට රැවටෙන පිරිස්ද දිනෙන් දෙන වැඩි වෙමින් පවතී.
මූල්‍ය සමාගමක් යනු ස්ථීර වශයෙන්ම මහා බැංකුව යටතේ ලියාපදිංචි කළ යුතුආයතනයකි. මහජනයා විසින් ෆිනෑන්ස් කම්පැනි යනුවෙන් හදුන්වන ඒවා බොහෝ විට මහ බැංකුවේ ලියාපදිංචි නොවන අතර ඔවුන් විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි අත්තනෝමතික ක්‍රියාකාරකම්වල නිරත වනු ඇත. විවිධ ණය සඳහා ඇපකර වශයෙන් තබන ලද දේපළ පවරා ගැනීම හෝ ඒවා විකිණීමට මූල්‍ය සමාගම් වලට තහනම් කර තිබුණද ඔවුන් ඒවා නොසලකා කටයුතු කරනු ලබයි.නිවස හිමියන් එළියට ඇද දැමීම, බලෙන් වාහන පැහැරගෙන යාම් සිදුකිරීම මගින් ඔවුන් පෙන්වන්නේ ඔවුන්ට වෙනම නීති මාලාවක් ඇති බවද?
මූල්‍ය සහ ආයෝජන ජන නම් භාවිතා කරමින් හතු පිපෙන්නා සේ නගරයෙන් නගරයට විවෘත වන මූල්‍ය ආයතන වල අරමුණ ජනතාව රැවටීමය. මෙම ආයතන ප්‍රකාශ කරන්නේ සිදු කරන තැන්පතු වලට විශාල පොලිය ලබාදෙන බවය.නමුත් මාස කීපයකට පසු ඔවුන් අතුරුදන්න් වෙති. ඒ වන විට ප්‍රදේශයේ බොහෝ පිරිසකට මුදල් නැති වී අවසන්ය. මහ බැංකුව හරහා සිදුකළ හැකි උපරිම නියාමනය සිදු කළ ද මෙහි ගොදුරු බවට පත්වනු පිරිස දිනෙන් දින වැඩිවේ.තමා සතු දේ වැඩි කර ගැනීමට ගොස් බොහෝ පිරිස් වලට සිදුවන්නේ තමා සතු වූ දේද නැති කරර ගැනීමටය.ඊට යොදන තනි වචනය තණ්හාවය.තණ්හාවේ කෙළවරක් නොමැතිකම නිසා පිරමීඩකරුවන්ට ෆිල්ම්ස් කොම්පැනි වලට හසුවන පිරිස මෙතෙකැයි කියා සඳහන් කළ නොහැක.
මෙවැනි ක්‍රියාකාරකම් නතර කරගැනීමට නොහැකි වී ඇත්තේ නීතියේ පවතින සිදුරුමය තත්ත්වයන් නිසා නොවේද? නීතියේ සිදුරු කෙසේ වුවත් ඔබේ මුදල් ආරක්ෂා කර ගැනීම ඔබ මත ක්‍රියාත්මක වන බව තරයේ මතක තබාගත යුතුය.
Comments
Post a Comment