සූරියකාන්ත මල වුවත් බලාගන්නවා වෙන අතක්

 බලා සිටියද කොයිතරම්

හැඟීමක් නොමැති නම්


සූරියකාන්ත මල වුවත්

බලාගන්නවා වෙන අතක්


ගැලපීම නොමැතිනම්

නොගැලපෙන තැන් වැඩි නම්


ඉදිරියක් නොමැති නම්

වෙන්වීම හොඳමයි ඉතින්


දුර යන්න බැරි නම්

ගලප ගන්නත් බැරිනම්


ඇවිදින්න මහදුරක්

දෙන්නටම බැරිනම්


සැනසෙන්න තනිවම

මා රැදෙන්නම් මෙතනම


Comments

Popular Posts