දරුවන්ට දරුවන්
ජාතික ජන බලවේගය ස්ත්‍රීන් වෙනුවෙන් සපයා ප්‍රකාශයට පත් කර තිබුණේ මාර්තු අටවෙනිදාට යෙදෙන ජාත්‍යන්ත කාන්තා දිනයට සමගාමීවය.මේ සතිය තුළ පමණක් නොව සමස්ත වර්ෂය පුරාම අප ස්ත්‍රී ආරක්ෂාව පිළිබඳ අවධානය ලබා දිය යුතුය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්හි දැක්වෙන ආකාරයට ලෝ පුරා ස්ත්‍රීන් තුන් දෙනකුගෙන් එක් අයකු තම ජීවිත කාලය තුළ ශාරික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක් වෙනු ඇත. ඒවා ලිංගික හිංසනය, මිනිස් ජාවාරම ගෘහස්ථ අපයෝජනය. මිනිස් ජාවාරම, මානසික අපයෝජනය. ළමා විවාහ සමඟ බැඳී පවතී.
දෛනිකව සෑම තැනකම පාහේ ස්ත්‍රියට සිදුවන හිංසනයන් වාර්තා වේ.මගේ ප්‍රවාහනයේ සිට වැඩබිම නිවස තුළද මේ අයුරින් සිදුවන හිංසනයන් දැකගත හැකිය.කෙතරම් හිංසනයන් වාර්තා වූ දේවල් එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ ද යන්න ප්‍රශ්නාර්ථයකි.
මහාධිකරණවල ගොනු වෙලා තියෙන නවු 30,000 න් තුනෙන් එකක් ඒ කියන්නේ නවු 10,000 ක් ස්ත්‍රී හා ළමා අපයෝජනයට අදාළ ඒවා" යැයි ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි මාතර දී පැවති ස්ත්‍රී දින සැමරුමක් අමතමින් පැවසුවාය.
ඇගේ ප්‍රකාශයට අදාළව බරපතළම තත්ත්වය පෙන්නුම් කරන්නේ පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන අංශයේ නවතම වාර්තාවන්ය. එම වාතාවන්ට අනුව මෙරට සිදුව ඇති ළමා අපරාධ ප්‍රමාණය 1502 කි. බලහත්කාරි ලිංගික අපයෝජන සිදුවීම් 339 ක් වන අතර කැමැත්තෙන් සිදුව ඇති ලිංගික අපයෝජන 1163 කි. මේවා සියල්ල පොලිසියට වාර්තා වූ සිදුවීමය. එසේ වාර්තා නොවුනු තවත් සිය ගණනක් සිදුවීම් සිබෙන්නට හැකිය.
වයස අවුරුදු 16 ට අඩු අයගේ ප්‍රේම සබඳතා හේතුවෙන් බොහොමයක් ගැයි ගැනීම් සිදුවේ. ඒවා කැමැත්ත පරිදි සිදු වුවද, නොදැනුවත් තම බොහෝ සේ බලපානු ඇත. අවුරුදු 14 ත් 17 ත් අතර වයසේ පසුවන ගැහැණු දරුවන් මීට ගොදුරුවේ. මේ ගැබ් ගැනීම් වලට වගකිව යුතු පිරිමි පාර්ශ්වය වයස අවුරුදු 18 ඉක්ම නොවුවන් බවද පොලිස් වාර්තා මගින් පෙන්වා දෙයි.
ලංකාවේ නීතියට අනුව කුඩා ගැහැණු දරුවකු ගැබ් ගතහොත් එය ගබ්සා කිරීමට හැකියාවක් නොමැත.කැමැත්ත මත සිදුවන ලිංගික අපයෝජන හරහා සිදුවන ගැබ් ගැනීම් වලට හේතුව නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකමය.එක් වරක් ආණ්ඩුව ඉදිරිපත් කරනු ලැබූ යෝජනා අතර පැවති යෝජනාවක් වූයේ ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය ලබාදීමටය.නමුත් එය වැළකුණේ වූයේ බෞද්ධ ආගමික විරෝධතාවය හරහාය.
ලංකාවේ නීති බලාත්මක කිරීමේ දුර්වලතා, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමේ පවතින බාධක. දිනෙන් දින වේගවත් වර්ධනයක් කරා යන තාක්ෂණික හමුවේ වන ප්‍රබල සමාජ මාධ්‍ය ජාලා, සමාජ හා සංස්කෘතික ආකල්ප, මෙවැනි අපයෝජනයට ලක් වූ දරුවන් හඳුනා ගැනීමේ දුර්වලතා නිසා ළමා අපයෝජනය වැළැක්වීම කෙරෙහි ඇත්තේ සෘණාත්මක බලපෑමකි.
ළමා අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් පැවරී ඇත්තේ නීති සම්පාදකයන් හා නීති ක්‍රියාත්මක කරන පාර්ශවයන් අතරය.
එමෙන්ම ළමා අපයෝජන වැළැක්වීමට නම් ඒ පිළිබඳව දෙමා පියන් මෙන්ම සමාජය ද දැනුවත් විය යුතුය. දරුවන් අපයෝජනයට ලක්වුවද, විවිධ හේතූන් නිසා ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකර, වසන් කර ගෙන සිටීමේ තත්ත්වයක් දක්නට ලැබේ. දරුවන්ට තමන්ට සිදුවන අකටයුතුකම් නොබියව කරන්නට නම් මාපිය- දූදරු මෙන්ම සම්බන්ධතාව මනා ලෙස ශක්තිමත් විය යුතුය.
කෙසේ නමුත් රජයේ ඉල්ලීම වන්නේ දරුවෙකුට අපරාධයක් වන්නේ නම් අංක 1929 ට සහ ස්ත්‍රියකට අපරධයක් වන්නේ නම් අංක 1938 ට දැනුම් දෙන ලෙසය.

.jpeg)

Comments
Post a Comment