කල එලි බසින ලමා පාතාලය

පාතාල සිද්ධි මේ දිනවල  සමාජය කලබලයට පත් කරමින් තිබේ.ඒ අතරට එක් වූ අලුත්ම පුවත නම්  සිසුන් කිහිප දෙනෙකු එක් සිසුවකුට පහර පහර දී දණගස්වා ඇති බවය.මේ වන ඒ වීඩියෝව සමාජය පුරා සංසරණය වෙමින් පවතින්නේ වීඩියෝ දර්ශන ද සමඟය.සමාජ මාධ්‍ය මෙන්ම වගකිව යුතු මාධ්‍ය ආයතනද මේ සිද්ධිය සඳහා පුළුල් ප්‍රචාරණයක් ලබා දුන්නේ එවැනි සිද්ධි යට යාමට නොදීය.

වත්මන් ශිෂ්‍ය ප්‍රජාව පාරවල් අයින සහ පාසල් භූමිය තුළ ම කලබල ඇති කර ගැනීම පාසල්වල අධ්‍යාපනයේ තත්ත්වය ප්‍රදර්ශනය කරනවා නොවේද? සෙසුන් රණ්ඩු සරුවල් ඇති කරගන්නවාට අමතරව ගුරුවරුන්ට පහර දෙන අවස්ථාද නැතුවාම නොවේ.ආරම්භ වී ඇති බිග් මැච් සමය සමඟ මෙවැනි පුවත් නිරන්තරව අසන්නට ලැබෙනු ඇත.විරුද්ධ පාර්ශ්වය සමඟ රණ්ඩු වූ විට යෞවනත්වය එය වීරත්වය ලෙස නිර්වචනය කිරීම දුකකට හේතුවකි.

බාල වයස්කාර ප්‍රචණ්ඩත්වය පවතින්නේ මෙරට පමණක් නොවන අතර සෑම රටකම එය දැකිය හැකිය.යොවුන්මනෝවිද්‍යාව පිළිබඳ ඇමරිකානු ඇකඩමිය සඳහන් කරන පරිදි ළමයෙකු ප්‍රචණ්ඩත්වයට පත්වීමට බලපාන කරුණු රැසකි.

ඒවා නම්,නිතරම කායික හෝ ලිංගික හෝ එම කාරණා දෙකෙන්ම හෝ අපහරණයට ලක්වීම, 2. පවුල තුළ හෝ ස්වකීය ප්‍රජාව තුළ හෝ නිරන්තර ප්‍රචණ්ඩත්වයට භාජනය වීම, 3. නිතරම උසුළු විසුළුවලට ලක්වීම, 4. ජානමය උරුමයෙන් ප්‍රචණ්ඩත්වය හිමිවීම, 5. රූපවාහිනිය හෝ සමාජ මාධ්‍ය මගින් පෙන්වන ප්‍රචණ්ඩ ක්‍රියා බැලීමට ඇබ්බැහි වීම, 6. මත්ද්‍රව්‍ය හෝ මත්පැන් වලට පුරුදු වීම, 7. ගෘහස්ථය තුළ තුළ ප්‍රචණ්ඩ හැඟීම් ඇති කරන කැ කැපෙන ආයුධ (කඩු) හෝ ගිනි අවි තිබීම. 8. පවුල තුළ දුප්පත්කම, මානසික ආතතිය, රැකියා නැතිකම වැනි සමාජමය ප්‍රශ්න තිබීම සහ පවුලේ උදව් හෝ අනුග්‍රහයක් නැතිව ඉබාගාතේ හැදෙන්නට දරුවන්ට සිදුවීම, 9. හදිසි අනතුරකින් හිසට හානි වී එහි බලපෑම මොළයට ඇති වීම.

ප්‍රචණ්ඩ අනාගතයක් ඇති දරුවකු ළමා කාලයේදීම හඳුනාගත හැකි අතර ඒ දරුවා නිරන්තරව කෝපයට පත් සෙටීම දැකගත හැකිය.ප්‍රචණ්ඩත්වය නැති කිරීම පහසුවෙන් කර නොහැකි අතර එයට ප්‍රචණ්ඩත්වයම හෝ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර යොදා ගත යුතුය.මේ ක්‍රම දෙකෙන් ප්‍රචණ්ඩත්වය තුරන් කළ හැකි වුවත් යහපත් සාමාජ ආර්ථික පරිසරයක් තිබීම අනිවාර්ය සාධකයකි.එවැන්නක් නොමැති ඌවිට මෙවැනි අත දරුවෝ වැරදි ආදර්ශ ගෙන හැසිරීමට පටන් ගත් විට එය සමාජයට පිඩනයක් වනු ඇත.

Comments

Popular Posts