රජයේ සේවක දරුවන්ට කුඩම්මාගේ සැලකිලිද?
2025 වර්ෂයට නියමිත අයවැය යෝජනා අතර සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේ ම අවධානය දිනා ගන්නා ලද පුවතක් වූයේ මහපොල රුපියල් 7500 ක් හා බර්සරි ශිෂ්‍යත්ව රුපියල් 6500ක් දක්වා ඉහල දැමීමයි.මේ පුවත දුටු විට මා මගෙන්ම විමසන එකම පැනය නම් රජයේ සේවකයන්ගේ දරුවන් හට ලැබෙන විශේෂ වරප්‍රසාද මොනවාද යන්නයි.මන්ද මෙවැනි කිසිදු විශේෂ ශිෂ්‍යත්වයක් හෝ දීමනාවක් රජයේ සේවකයන්ගේ දරුවන්ට හිමි නොවන නිසාය.
සමස්ත රටවැසියන් මුහුණ දෙන ප්‍රශ්න සියල්ලටම මුහුණ දෙන රජයේ සේවකයන්ද ජීවත් වන්නේ මාසිකව ලැබෙන ආදායමෙන් ය.රජයේ සේවකයන් හා අනිත් පිරිස අතර ඇති එකම වෙනස නම් රජයේ සේවකයන්ට ස්ථීර මහන්සික වැටුපක් ලැබීම නම් පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙන්ම ව්‍යාපාරික ඉහළ ධනවත් පිරිස් වලට බොහෝ අවස්ථාවල රජයේ සේවකයන්ට වඩා වැඩි වැටුපක් ලැබෙනු ඇත.නමුත් රජයේ සේවකයෙකු වූ විට සියලු අඩුපාඩු නැතිවනවා යැයි රජය සිතා සිටිනවාද?
සියලු දීමනා ලැබීමට නුසුදුසු තත්ත්වයක් රජයේ සේවකයන්ට නිර්මාණය වන්නේ කෙසේද? එතරම් යහපත් ආර්ථික රටාවක් මෙරට පවතිනවාද? විශ්ව විද්‍යාලයට හෝ උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු වූ රජයේ සේවකයන්ගේ දරුවන් වූ වරදට සියල්ල අහිමි කරන්නේ කුමන පදනම මත සිටද යන්න ප්‍රශ්නාර්ථයකි.
මහපොළ බර්සරි වාරිකයක් අඩු වූ විට ඇතිවන කතාබහ මේ පිළිබඳව ඇති නොවේ. සියල්ලන්ටම සමානාත්මතාවය පවතින්නේ නම් රජයේ සේවකයන්ට හා ඔවුන්ගේ දුවා දරුවන්ට මේ ලැබෙමින් පවතින්නේ සමානාත්මතාවයද?
රජයේ සේවක දුවා දරුවන්ට රජයෙන් හිමිවන විශේෂ වරප්‍රසාද මොනවාද යන්න මම නැවත නැවතත් ප්‍රශ්න කරමි.

.jpeg)

Comments
Post a Comment