හුරු පුරුදු ඔබ නුපුරුදු ඇය සමඟ
අහම්බෙන් දවසක
හුරුපුරුදු වීදීයක
ඔබ ආසම හවසක
ආත්මගත වු ඔබේ මුහුණ
මා දුටුවා එකවරම
හුරු පුරුදු ඔබ
නුපුරුදු ඇය සමඟ
දෑතින් බැඳි
උකුලු මුකුලු
පියනගමින් මා දෙසටම
දුටුව සේ ඉන්නද
නොදුටුව සේ යන්නද
ගොළු උනා සිත මඳකට
අසන්නට හැකි නම් ඔබෙන්
මාගේ අයිතිය
අහිමිද සදහටම?
පසු වූ ඔබ දෙස
යලිදු බලන්නට
හැකිනම් මා හට
දෙන්නට අවසර
ස්වල්ප කාලයේ
ඔබ දුන් මතක ඇත
ඉතිරි ජීවිතය
රැගෙන යන්නට
Comments
Post a Comment