තහංචි බිදෙන වාහන ආනයනය
මේ දිනවල කතාබහට ලක් වන ප්‍රධාන මාතෘකාව වන්නේ මෙරටට ගෙන්වන ලද වාහන වරායෙන් නිදහස් කර ගන්නට නොහැකිවීම පිළිබඳව ය.මේ නිසා හෙම්බත් වී ඇත්තේ වාහන ආනයනකරුවන්ගේ සංගමය යි.2020 වසරේ සිට පුරා වසර පහක කාලයක් පුරාවට මෙරට වාහන අයන එන නවතා තිබුණේ මෙරට තිබූ අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙනි.
නීතියට ගරු කරමින් වාහන සංගම් හරහා වාහන ගෙන්වන්නට කිසිවකුට හැකියාව නොලැබුණද නීති ප්‍රතිපත්ති නොමැතිව වාහන ගෙන්වන්නට සමත් වුවෝ සිටින්නට ඇත.රටේ තැනින් තැන සඟවා තිබූ සැපරිය පිළිබඳ නඩු හබ පෙන්වන්නේ මේ කාලය පුරාවට ඕනෑ තරම් වාහන මෙරටට ගෙන්වා ඇති බවය.
මෙරට මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා අනුර කුමාර දිසානායක වන අතර ඔහු ජනවාරි මස 11 වන දින සිට බල පැවැත්වෙන පරිදි වාහන ආනයනයට අදාළ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබූ අතර නිෂ්පාදිත දින සිට අවුරුදු දහයකට නොඅඩු වාහනවලට සියයට 300ක තරම් ඉහළ බදු අගයක් පනවා තිබුණි.මෙබදු ගැටලු ඇතිවී තිබෙන යුගයක රටේ ආර්ථිකයට හිතකර පරිදි වාහන පිළිබඳ අවධානය ලබාදිය යුතුය.එය වෙනුවෙන් උචිත ක්‍රියාමාර්ග ගත යුතු අතර එය කාලෝචිත අවශ්‍යතාවයකි.
මෙරට වාහන ගෙන්වීම නවතා තිබූ කාලය පවා වාහන තුන්සියයකට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවට වාර්තා පළ වේ.බලවතුන්ට එක් නීතියකුත් දුබලතුන්ට තව නීතියකුත් ක්‍රියාත්මක නොවන්නට සේම ජනතාවගේ වාහන සිහිනය බඳවාන්නට ද ක්‍රියාමාර්ග ගත යුතුය.
Comments
Post a Comment