ඉරණමක ලියූ පෙම




හිත හිතා නුඹ ගැනම

තාම මං ඉන්නවා

නුඹ අයිති කාටදෝ

හිත මගේ අහනවා


ඇස් ඉම අනන්තයට

සොය සොයා ආදරය

හදට හොරෙන් රිංගාගෙන

හුරා මගේ හදවත්ඉම


හංගා හංගා මතක

හාරමින් පපු කුහර

මහ වැස්ස බිම හැලෙයි

අකුණු ගසනා මගේ හිත

Comments

Popular Posts