නහී වේරාන වේරානී

 


උපදින සියල්ලෝම මිය යති.එය පරම සත්‍යයි.නමුත් අප සියල්ලෝම උපදින සහ මිය යන වේලාවන් අවිනිශ්චිතය. මෙලොව උපදින සියල්ලෝම මිය ගියද සියල්ලෝම  ප්‍රාර්ථනා කරන්නේ යහපත් මරණයකි.කිසිවකුත් වෙඩිකා බෝම්බ කා මියයාමට අදහස් කරන්නේ  නැත. නමුත් ඊශ්‍රායල පලස්තීන වැසියන් හට උරුම වී ඇත්තේ එවැනි කණගාටුදායක මරණයකි.මාස විසි දෙකක් පුරාවට ක්‍රියාත්මක වන යුතුමය වාතාවරණය  හේතුවෙන් හමාස් සංවිධානය හා ඊශ්‍රායලය මූලික කරගෙන යුතුමය තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර ඔවුන්ගේ මෙම යුදමය තත්ත්වයේ පැති දෙකක් දකින්නට ලැබේ.හමාස් සංවිධානය විසින් සිදු කරනු ලබන දුතමය තත්ත්වය ලාභදායක මට්ටමේ එකක් වුවද ඊශ්‍රායලයේ යුධමය තත්ත්වය ඉතා මිල අධිකය.ඊශ්‍රායලය ජාත්‍යන්තර ප්‍රමිතියට මිසයිල නිර්මාණය කලද හමාස් සංවිධානය මිසයිල නිර්මාණය කරන්නේ පොහොර සහ ඉතා ලාභ රසායනික ද්‍රව්‍ය පිවිසි බටවලට පිරවීමෙනි.මෙම පිලිවෙත නිසා හමාස් සංවිධානයට නැතිවන්නට දේවල් නැත.නමුත් ඊශ්‍රායලට එසේ නොවේ.ඔවුන්ට නුදුරේම බංකොලොත් වීමට සිදුවනු ඇත.

බරපතළම කාරණය වන්නේ මෙම යුදමය තත්වය නිසා මිය යන මිනිසුන් ප්‍රමාණය දිනෙන් දින ඉහල යාමයි.ගත වු මාස දෙක තුල ජනමාධ්‍යවේදීන් 197 ක් මිය ගොස් ඇත.25 වන දින ඊශ්‍රායල හමුදා එල්ල කරනු ලැබු මිසයිල ප්‍රහාරයෙන් රොයිටර් සේවයේ ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ම මිය ගියහ.එම ජනමාධ්‍යවේදීන්  රැදී සිටින ස්ථානයට  මිසයිල ප්‍රහාර එකක් නොව දෙකක් එල්ල කිරීමට ඊශ්‍රායල ප්‍රහාරකයන් කටයුතු කර ඇති අතර එම ස්ථානයේ මාධ්‍යවේදීන් රැඳී සිටින බව දැන දැනම මෙම ප්‍රහාරය එල්ල කළ බව විදෙස් වාර්තා දක්වයි.මෙලෙස ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම ඉතාමත් නීච ක්‍රියාවකි.මරණ වරෙන්තුව සමඟ යුධ බිමට යෑම මාධ්‍යවේදී කොට සාමාන්‍ය වුවද මාස විසි දෙකක් ඇතුලත ජනමාධ්‍යවේදීන් 197 දෙනෙකු ඝාතනය කිරීම සුලුවට ගත නොහැක.

වසර තිහක යුද්ධය අඳුරු සෙවනැලි සමඟ ජීවත් වූ අපට යුදේ කුරිරුකම පිළිබඳ අත්දැකීම් හොඳින් ඇත්තෙමු.වෛරය රබර්පටියක් නොවේ.ඉතින් දිගින් දිගටම රබර් පටය අදිනවාක් මෙන් යුධමය තත්ත්වය ඇදගෙන යා නොහැක.අවසන කියන්නට ඇත්තේ නහී වේරාන වේරානී යන බුදුපදයයි.

Comments

Popular Posts