නංගි ඉගෙන ගත්තොත් ලකී නැත්නම් ජූකීද ?


සමාජවාදය තුළ බොහෝ විට " "ගාමන්ට්කෙල්ලො" යන කතාබහට ලක්වේ. පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පැවැති ඡායාරූපයක තිබුණේ තීරෝද රථයක ගසා තිබූ වැකියක් වූ නංගි ඉගෙන ගත්තත් ලකී නැත්නම් ජොකී යන්නයි. ඇත්තටම මෙය මෙසේ ඉගෙන නොගන්නා පිරිසකට පමණක් සීමා වූ කර්මාන්තයක්ද? ඇඟලුම් රැකියාව යනු එලෙස හාස්‍යයට උපහාසයට ලක් විය යුතු රැකියාවක්ද? විවසනකාරී අවස්ථාවක පවා අත්‍යවශ්‍ය සේවාවක් හෝ මේ රැකියාව පිළිබඳ ශ්‍රී ලාංකික ප්‍රජාවට නිවැරදි අවබෝධයක් නොමැතිද?

2023 The State of Fashion Report හි, ගෝලීය උපදේශන සමාගමක් වන McKinsey හි වාර්තාවකින් ඇස්තමේන්තු කර ඇත්තේ විලාසිතා කර්මාන්තය ආකාර දෙකකින් වර්ධනය වනු ඇති බවයි. ඒ අනුව සුඛෝපභෝගී විලාසිතා අංශය 5-10% ත් අතර වර්ධනය වන අතර අනෙකුත් විලාසිතා අංශ පෙර වසරට සාපේක්ෂව සියයට 2%කින් පහත වැටීමක් දැකිය හැකි බවත් සුඛෝපභෝගී නොවන විලාසිතා අංශය 3%කින් පමණ වර්ධනය වනු ඇති බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

රටේ ආර්ථිකය තිරසාරව පවත්වාගෙන යාම සඳහා ඇඟලූම් කර්මාන්තය ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය සැලකිල්ලට ගනිමින් මෙම තත්වය අතිශයින් වැදගත් වේ. ඇඟලූම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ විනිමය උපයන්නා වන අතර වෙළඳ භාණ්ඩ අපනයනයෙන් 50% කට වඩා වැඩි ප‍්‍රමාණයක් සහ අපගේ මුළු අපනයන වටිනාකමෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් සඳහා එය දායකත්වය ලබා දෙයි.

මෙවැනි අපහාසාත්මක ප්‍රකාශ මගෙන් මෙතරම් වටිනාකමක් ඇති රැකියාවක් හෑට කිරීම රටේ අභාග්‍යසම්පන්න බවද පෙන්නුම් කරයි.ඉතින් අවසන මෙසේ ලියා තබමි. 

    ජූකී නැත්තම් රටට සොරි!

Comments

Popular Posts