අන්තර්ජාලය මගින් වඩාත් ගෞරවනීය කාන්තා දේශපාලන අවකාශය අවහිර කරනවාද?

 ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවරිය ලෙස හරණය අමසූරිය පත්වීමත් සමඟ ශ්‍රී ලාංකීය දේශපාලනයේ කාන්තා භූමිකාවට වැඩි අවධානයක් යොමුවිය. වාමාංශික පක්ෂයකින් පැමිණි කාන්තාවක් ලෙස හරිනිය අමරසූරිය හට එල්ල වූ චෝදනා එතුමියට පමණක් නොව සමස්ත කාන්තා ප්‍රජාවටම සිදු කරන ලද අපහාසයක් ලෙස දැක්විය හැකිය.           

තුන්වන ලෝකයේ රටවල දේශපාලන වේදිකා තුළ දේශපාලනික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා වනවාට වඩා දේශපාලනික වශයෙන් සිදුවන මට ගැසීම් ප්‍රචලිතය. හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමෙන් පසුව එරට වූ පළමු චෝදනාව වූයේ හරි ශ්‍රී ලාංකික කාන්තාවක් නොවේ යන්නයි.මෙය ජනාධිපති අපේක්ෂකයෙකු විසින් සිදු කරන ලද කාන්තාවක් වෙත එල්ල කරන ලද චෝදනාවකි.එලෙස චෝදනාව කෙල්ල කිරීමට ඔහුට පැවති හේතු සාධක කෙතරම් ප්‍රබල වුවද සදාචාරාත්මක දේශපාලන අවකාශයක් තුළ එලෙස අභියෝග කර ඇත්තේ ස්ත්‍රීත්වයට නොවේද? 


 


       

එලෙසම ධනාත්මක මුලපිරීම් කම්පනය කිරීම හෝ අපගේ සංස්කෘතිය විනාශ කිරීම යන චෝදනාව දේශපාලනයේ යෙදෙන කාන්තාවන්ට එල්ල කරන අතර සමාජ මාධ්‍ය තුළ ඔවුන්ව නිරන්තරව ඍණාත්මක නිරූපණය කරනු ලබයි.බොහෝ විට සමාජ මාධ්‍ය හරහා දේශපාලනයේ යෙදෙන කාන්තාවන් ඉතාමත් පහත් තත්ත්වයෙන් (සතුන්ට හා පහත් වෘත්තීන්ට උපමා කරමින්) නිරූපණය කරනු ලබන්නේ මනුෂ්‍යත්වය කෙතරම් පහළ මට්ටමක ඇතිදැයි පෙන්නුම් කරමිනි.එය දේශපාලනික වශයෙන් සාධාරණීයකරණය කරමින් අමානුෂිකකරණය නිරූපණය කරයි.

තවද දේශපාලනයේ යෙදෙන කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ශාරීරික හිංසන ලිංගික හිංසන ඇතුළු ප්‍රචණ්ඩකාරී වෛරීකථනය සහ උසිගැන්වීම් අන්තර්ජාලය හරහා සිදු කරන අතර මේ සඳහා ඕනෑ තරම් උදාහරණ කාන්තා දේශපාලන චරිත සම්බන්ධ ෆේස්බුක් පිළිතුර ඇති කමෙන්ට් තීරු කියවීමෙන් ලබාගත හැක.මේ සියලු ආකාරයෙන් යටපත් කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය නොවේද?        

ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මුදුනින් පිළිගන්නා රටක ශ්‍රී ලාංකික කාන්තාවන් තමන්ට අනන්‍ය දේශපාලන මතය දැරීම තුළින් අගෞරවයට  පත්විය යුතු දැයි ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරන්න.

Comments

Popular Posts