ජාතික ආරක්ෂාව ප්‍රමාණවත් ද?

 මේ දිනවල රටවසාගෙන ඇත්තේ ඝාතන වලිනි.ගනේමුල්ලේ සංජීව ඝාතනයට ලක්වන්නේ නීතියේ බල අධිකාරයක් තුළදීය. අපරාදේ විමර්ශන වේගවත් වී තිබුණද ආණ්ඩුවේ දැක්ම පිළිබඳව සැක සංකා මතුව තිබේ. අධිකරණය තුළ මෙවැනි සිදුවීම් සිදුවීම මගින් සමාජ කඩා වැටීමක් වන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන ලද අතර ඔහුගේ ප්‍රකාශයන් සත්‍ය වේ.බලයට පැමිණ පාතාලය නැති කරන බවට පොරොන්දු වූ ආණ්ඩුවට පාතාලය අභියෝග කරන්නේ නීතියේ ආධිපත්‍ය රකින අධිකරණ පද්ධතිය තුළදීමය.


අධිකරණයකින් නඩුවක් අසා නිමවන තුරු කිසිදු පුද්ගලයෙකු වැරදිකරුවකු නොවේ.ඔහු සැකකරුවකු පමණි.නමුත් නීතිඥ වෙස්ගත් පොත් කරයා තනියමුල්ලේ සංජීව වැරදිකරුවකු කර ඔහුට මරණ දඬුවම ලබා ලබා ලබාදී විනිසුරුගේ කාර්යභාරයට සිදු කර අවසන්ය.ඉතින් සහෘදයෙනි මේ පෙටල් අපි ඕක කරන්නේ ව්‍යවස්ථාදායකයට විධායකයට හා සමස්ත අධිකරණ පද්ධතියටම නොවේද? ඒ වෙඩිල්ලේ බලපෑම කෙතරම් ද යන්න ඔබට සිතාගතත හැකිද?

දෙවනි ලෝක යුද්ධයෙන් පසු විශයක් ලෙස වර්ධනය වූ ජාතික ආරක්ෂාව පිළිබඳ මෙරට සංවාදය ප්‍රමාණවත් නොවන බව ඔබට වැටහෙනවා ඇත. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුයේ තිස් අවුරුදු යුද්ධය පමණක් යයි මෙරට ඇතමුන්ගේ මතය වුවද යුද්ධය නිමාවී දශකයක් දියුණු තැන එනම් 2019 අප්‍රේල් 21 වන දින සිත් වූ පාස්කු ප්‍රහාරය මෙන්ම දිනපතා පිළිගන්නා සාමාන්‍ය ජනතාවගේ ජීවිතය ද අයත් වන්නේ ජාතික ආරක්ෂාව යටතටය.දැනුදු වගකිවයුතු පාර්ශ්වයන් ජාතික ආරක්ෂාව පිළිබඳව සංවාදයක් ඇති කළ යුතු අතර එය දේශපාලනික පුරාජේරුවලින් ඔබ්බට යා යුතුවේ.

ජාතික ආරක්ෂාව යනු ආර්ථික මානව දේශපාලනික සිවිල් හා දේශගුණික විපර්යාස යන සියල්ල එක් වු බහුවිධ පැතිකඩක් වෙයි. සන්නද්ධ හමුදා පොලිසිය යනු එහි එක් පාර්ශ්වයක් පමණි.ලංකාවේ පාතාල කතාවද මීට සම්බන්ධ වන්නේ පාතාලයේ වුවත් සිවිල් වැසියන් වන පහතාට සාමාජිකයන්ට ආරක්ෂාවක් නොමැති නිසාය.අලුත් කඩේ පුපුරන්නේ පාතාලයේ වෙඩි වුවද එයට අන්න ලැබෙන්නේ විදෙස් රටවලිනි.ඒ අනුව මෙය ලෝකය හා ගැටුණු අර්බුදයකි.

ඉතින් දැන් ඉතිරිව ඇත්තේ රටේ මුල් පුටුවට අභියෝග කරන පාතාලය පිළිබඳ වාද විවාද කිරීම නොව ජාතික ක්‍රියාකාරීත්වයකින් යුතුව කටයුතු කිරීමයි.

Comments