බැඳුම්කර හොරකමට වසර දහයයි.

ශ්‍රී ලංකා සමාජය කැළඹීමට පත් කරමින් සිදු වූ බැඳුම්කර සොරකම සිදු වී 2025 වසරට වසර දහයක් ගත වේ.නමුත් මේ වන තුරු අගතියට පත්වූ පාර්ශ්වයට සාධාරණය ඉටු වී හෝ ප්‍රධාන චූදිතයා අත්අඩංගුවට ගෙන නොමැත.සියල්ලට  අර්ජුන මහේන්ද්‍රන් ප්‍රධාන චූදිතයා වුවද යහපාලන රජය සමයේදී ඔහු මෙරටින් පැන ගියේය.ඔහු මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන ලද බවට තොරතුරු ලැබුණද නැවතම තොරතුරු අනුව සිංගප්පූරු රජය ප්‍රකාශ කරන්නේ ඔහු මෙරට රජයට භාර කර නොහැකි බවයි.සිංගප්පූරු පුරවැසියෙක් වූ අර්ජුන මහේන්ද්‍රන් හට මෙරට මහ බැංකු අධිපති ධුරය ලබා දුන්නේ කෙසේද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි.

වත්මන් රජය බලයට පැමිණියේ බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ සියල්ලන්ම අධිකරණය හමුවට රැගෙන එන බවට පොරොන්දු ලබා දෙමින්ය.නමුත් විධායක ජනාධිපති රැස අනුර කුමාර දිසානායක පත් වී මාස පහකට අධික කාලය තුළ නම් එය ඉටු වූයේ නැත.නෛතික වශයෙන් පවතින බාධාමය තත්ත්වය නිසා එය සිදුකිරීමට නොහැකි බව වර්තමානයේදී අනුරු කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත ඔහු එවැනි පොරොන්දු ලබාදෙන විට නෛතිකමය තත්ත්වය පිළිබඳ දැන සිටියේ නැද්ද යන්න රට වැසියන්ට ප්‍රශ්නයකි.

බැඳුම්කර නඩු විභාගය විභාග වෙමින් පැවතිය ද ප්‍රධාන චූදිතයා වූ අර්ජුන් මහේන්ද්‍රන් මෙම නඩු විභාගවලට සහභාගී නොවන විට මේ සඳහා බලපෑම් කළ පුද්ගලයන් අනාවරණය කර ගැනීමට නොහැකි වනු ඇත. අධිකරණය තීන්දු ගන්නේ පවතින නීතිමය හා සාක්ෂි මත පදනම්වය.ඉතින් අර්ජුන් මහේන්ද්‍රන් තවදුරටත් අධිකරණයට ගෙන්වා ගත නොහැකි වූ විට වසන් වන්නේ නඩුවට බලපෑම් කළ හැකි සාක්ෂි නොවේ ද?

දේශපාලන පක්ෂ සියල්ලටම වාසි මල්ලක් ලෙස බැඳුම්කර හොරකම පෙනෙන්නේද යන්න සමස්ත මහජනතාවට ඇති ප්‍රශ්නයකි.2019 දී ගෝඨාභය රාජපක්ෂ බලය ලබා ගැනීමට මෙන්ම 2025 දී අනුර කුමාර දිසානායක බලය ලබා ගැනීමටද වැදුම්කර හොරකම ඇමක් ලෙස උපයෝගී කරගන්නා ලදී.මෙහි ඇති පුදුමයට කරුණ නම් චෝදනා එල්ල වී තිබෙන දේශපාලන මහ මොරකරුවන්ද තවමත් මෙරට නීතිමය ක්‍රියාවලියන්ගෙන් ආරක්ෂා වී සිටීමයි.

අර්ජුනු මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට ඇති නෛතික බලපෑම පිළිබඳ අවධානය යොමු කොට ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසයේ කළු අකුරෙන් ලියැවුණු බැඳුම්කර මගඩියේ පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් කිරීමට මේ ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි සියල්ලෝම බලා සිටිති.

Comments