අලි සම්පත සියැසින් දකින අවසන් පරම්පරාව අප වේද?
මීට දින කිහිපයකට පෙර අලි හය දෙනෙකු මීනගයා දුම්රියට බිලි වූයේ සියලු සිත් කම්පා කරවමිනි.අලි මිනිස් ගැට මේ ප්‍රතිඵලයක් නොවුනද මෙය තවත් එක් ඛේදනීය පැතිකඩක් පෙන්වයි.වසරකට ශ්‍රී ලංකාවේ අලි හාරසියත් පන්සීයක් අතර ප්‍රමාණයක් විවිධ හේතු නිසා මිය යති.සමහරක් අලි මිය යන්නේ අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසය තවත් විටෙක හක්කපටස් අනුභව කිරීම මෙන්ම දළ ඇතුන් වැඩිකරුවන් නිසාද මියයති. ලංකාවේ මේ වන විට අලි 5300කට වඩා ප්‍රමාණයක් නැත.
ලංකාවේ අභිමානය විධාපාන අලියතුන්ගේ ප්රශ්නය විසඳීමට කිසිදු ආණ්ඩුවක් මේ වනතුරු නිසි පියවරක් ගෙන ඇති බවක් පෙනෙන්නේ නැත.හැම ආණ්ඩුවක්ම විදුලි වැටවල් ගැසීමට සල්ලි පාස් කරගෙන කොමිස් ගැසීම පමණක් සිදු කරයි.බාල විතර වැටවල්වලින් වැඩක් නැත අලියා එවැනි වැටකට පයින් ගැසිය යුත්තේ එක් වරක් පමණි. වැට ගැලවී විසිවී යයි. අලි ප්රශ්නය විසඳීම අමාරු හේන් සියලු ආණ්ඩු ප්‍රාර්ථනා කරන්නේ අලින්ගේ මරණය ද යන ප්‍රශ්නාර්ථය දැන් ඉතිරිව ඇත. අලි ඇතුන්ගේ තර්ජනයට ලක්වෙන ගොවීන් හා ප්‍රදේශවාසීන් ද ප්‍රාර්ථනා කරන්නේ අලින්ගේ මරණයයි.
මේ අයුරින් දිනෙන් දෙන විනාශයට පත්වන අලි ඇතුන් නිසා අවසන සම්පූර්ණ අලි ගහනය විනාශයට පත්ව ගියහොත් ගංගාරාමයේ පොළොන්නරුවා තිබෙන ඇතා හා මාලිගාවේ පොරොන් පුරවා තිබෙන ඇතා පමණක් ඉතිරි විය හැකිය. සත්තු වත්තේ සිටින අලි ඇතුන්ට හරි හැටි කෑම දෙන්නටවත් බැරි තත්ත්වයක් උත්කතව තිබෙන අවස්ථාවක සත්තු වත්තේ අලි ඇතුන් පිළිබඳ කිසිදු විශ්වාසයක් තැබිය නොහැක.
අලි ඇතුන් දුම්රියේ ගැටීම පසුගිය දශක කිහිපය තුළ වේගවත් වර්ධනයක් පෙන්වයි.අලි ඇතුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ හරහා තිබෙන පාරවල් දෙපසින් නියමිත ප්‍රමිතියෙන් යුතු විදුලි වැටවල් ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය වේ.එය සිදුකිරීමෙන් මෙම ප්රශ්නය බොහෝ දුරට මඟ මඟ හරවා ගත හැකිය.අවුරුදු සීයකට පෙර රටේ වනගහනය භූමියෙන් 85% තිබියදී අලි ගහනය පනස්දහකටවත් වඩා වැඩි වුවද වර්තමානයේ අපට ඉතිරිව ඇත්තේ අලි ඇතුන් 5000 වඩා අඩු ප්රමාණයකි.
අනෙකුත් සියලු අවස්ථාවලදී සත්ව හිංසනය යැයි අවි අමෝරා ගන්නා අවිහිංසාවාදී සත්ව හිතෛෂී සංගම් පවා මේ ප්රශ්නයේදී නිශ්ශබ්ද වීම සුදුසු නොවන අතර අලි සම්පත රැක ගැනීමෙන් ලංකාවේ අභිමානය ද රැක ගත හැකි බව මා ඔබට යළි යළිත් සිහිපත් කරමි.
Comments
Post a Comment