සමූපකාර තොග වෙළඳ සංස්ථාව අවසන්ද?
1949 අංක 47 දරණ සමූපකාර තොග වෙළෙඳ සංස්ථා පනත යටතේ ස්ථාපිත වූ සතස රාජ ආයතන සමූහය ඉකුත් රජය අමාත්‍ය මණ්ඩලය විසින් ඈවර කිරීමට තීරණය කොට තිබුණි.එලෙස සංස්ථාව අවසන් කිරීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ සමූපකාර තඟ වෙළඳ සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත්ව තිබීමයි.ආයතනය වසා දමනවා විනා එය එසේ සිදුවීමට හේතු සොයා බැලීමට කිසිවකුට අවශ්‍ය වූයේ නැත.
ආයතනයක් වසා දැමීම පහසු කටයුත්තක් නොවේ.සමූපකාර තොග වෙළඳ සංස්ථාව වසා දැමීමේදී ප්‍රධාන වශයෙන් මුහුණ දීමට සිදුවන ගැටළු රැසකි.ඒවා අතර සේවක ප්‍රජාව ආයතන වත්කම් සහ සමස්ත ප්‍රජාවට සලසා දෙමින් තිබූ විශාල පරිභෝජන මෙහෙවර දැක්විය හැකිය.
විශාල ලෙස ලාභ ලබන්නට හැකි රජය ආයතන පාඩු ලබන්නේ කෙසේද යන්න විශාල ප්‍රශ්නයකි.400ට මඳක් වැඩි අපේ රටේ රාජ ආයතන අපේක්ෂිත ලාභ අහිමිව යන්නේ වංචා දූෂණ අකටයුතුකම් නිසාවෙන් නොවේද?රාජ්‍ය ආයතන මෙසේ පාඩු ලබන්නට ප්‍රධානතම තවත් එක් හේතුවක් වන්නේ අනවශ්‍ය සේවක පිරිස් ය.
බලයට පත්වීමත් සමග තමන්ගේ සහචරයන්ට පවුලේ හිතවතුන්ට ඥාතීන්ට සහ තම ධන ලාභීන්ගේ අවශ්‍යතාවයට රාජ ආයතන වල රැකියා ලබාදීම මගින් ආයතන වලට අවශ්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයක් හතර ගුණයක් සේවක පිරිස් එම ආයතන වල සිටිති.සමූපකාර තොග වෙළඳ සංස්ථාවට බඳවාගත් බොහෝ සේවකයන්ට වැඩිපුර සිදුව ඇත්තේ නිකරුණේ කල්මැරීමටය.මෙසේ බඳවා ගන්නා පිරිස අනවශ්‍ය වීමත් ඔවුන්ට මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් නොමැති වීමත් මේවාට හේතු වන අතර බොහෝ විට ආයතනය වංචා අකටයුතුකම්වලටද අකටයුතුකම්වලටද මේවා හේතු වේ.
ශ්‍රී ලංකා ගුවන් සමාගමට සිදු වූයේද මෙවැනිම තත්ත්වයකි.දරන්නට නොහැකි සේවක ප්‍රජාවක් නඩත්තු කිරීමට ගුවන් සමාගමට මෙන්ම රටේ සමස්ත ජනතාවටම සිදුවීම ඛේදජනකය.කෙටි කලකින් විප්ලවයක් කරන්නට පැමිණි වත්මන් ආණ්ඩුව කියූ දේවල් වලින් යම් ප්‍රතිශතයක් හෝ ඉටුකරන්නට නොහැකි වූූ සමයක සමූපකාර තොග වෙළද සංස්ථාව සම්බන්ධයෙන් ගත් තීරණය සුබදායකය.
රටක සංවර්ධනය යනු ජනතාවට නිසි ලෙස ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය වීමයි.එය ආණ්ඩුවේ ප්‍රධානතම වගකීමකි.වැඩිවන ආහාරපාන හා අනෙකුත් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සමූපකාර දඟ වැන්ද සංස්ථාව සිදුකළ මෙහෙය අති විශාලය.ඉතින් දේශපාලන අධිකාරියේ බලධාරීන් නිසි ලෙස රාජ ආයතන පද්ධතිය ආරක්ෂා කොට සැලසුම් ක්‍රියාත්මක කොට රාජ ආයතන ආරක්ෂා කළ යුතු නොවේද?
Comments
Post a Comment