ඇත්තටම කාන්තාවන් නිදහස්ද?
මාර්තු 8 ලෝක කාන්තා දිනයයි. කාන්තාවන්ට සිදුවන හිංසනයන් පිළිබඳව මෙදිනට විශේෂ අවධානයක් යොමු වේ. අතීතයට සාපේක්ෂව වර්තමානයේ දී කාන්තාවන් හිංසනයට පීඩාවට ලක්වීම අඛණ්ඩව වාර්තා වන අතර සේවා ස්ථාන, යුදමය පරිසරය තුළ, වර්ගවාදී ආගම්වාදී පරිසරය තුළ මෙන්ම විශේෂයෙන්ම නිවස තුළද කාන්තාවන් හිංසනයට ලක්වේ. විශේෂයෙන්ම ගත් කළ ආසියානු සමාජය තුළ පවතින්නා වූ පුරුෂ මූලික ක්‍රමය සමඟ මෙන්ම කළ භේදය කන්‍යාභාවය හා විවිධ මිථ්‍යා විශ්වාසයන් මත පදනම්ව දැවැන්තව කාන්තාව මානසිකව හා ශාරීරික වශයෙන් පීඩාවට ලක්වන අයුරු දැකගත හැක.
කාන්තා හිංසනය හා කාන්තාවකගේ අයිතිවාසිකම් පිළිබඳ කතිකාව බොහෝ ඈත අතීතයකට දිව ගීත විශේෂයෙන් අවධානයක් යොමු වන්නේ කාන්තා දිනය වැනි විශේෂ දිනවලදී වීම කණගාටුවට කරුණකි.කාන්තාවන් පිළිබඳ ප්‍රථම ප්‍රසිද්ධ හමුව 1848 ජුනි 19 හා 20 දෙදින ඇමෙරිකාවේ නියෝග නුවර නගරබද නගරයක පවත්වා ඇති අතර මෙය සෙනෙකා ෆොල්සි ලෙස හදුන්වා ඇත.මෙලෙස ආරම්භ වූ කාන්තාවන් එකමුතුව 1979 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කර ඇති අතර 1980 ජුලි මස 17 වන දින ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට නිල වශයෙන් අත්සන් තබා ඇත.වගන්ති හතළිස් අටකින් සමන්විත මෙම පනතේ සියලු කරුණු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිළිගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු විවිධාකාර නීති අනඅන පළාත්වල කාන්තා හිංසනයට එරෙහිව නීති ලේඛනගත කර තිබුණද ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් හිංසනයන්ට එරෙහිව එම නීති අනපනත් පිළියම් ලබා දෙනවාද යන්න ප්‍රශ්නාර්ථයකි.
රාජකාරී ස්ථානවල සිදුවන කායික මානසික පද හිංසා බොහෝ විට ප්‍රසිද්ධ නොවන්නේ ආර්ථික තත්ත්වය රැකගැනීමට රැකියාව අත්‍යවශ්‍ය වන බැවිනි.සෑම ස්ථානයකම පාහේ මෙවැනි හේතු නිසා හෝ නීතිය පිළිබඳ ඇති නොදැනුවත්කම නිසා කාන්තාවන් අනාරක්ෂිත බවට පත්වේ.ලංකාව ඇතුළු ආසියාතික රටවල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු අතර ඊට හේතුව වන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයන් අනෙක් ප්‍රචණ්ඩත්වයන්ට සාපේක්ෂව සැඟවුණු ස්වරූපයකින් යුක්ත වන නිසාය.
ස්ත්‍රී පුරුෂ භේදය මතපදනම් වන්නා වූ පවුලේ කාන්තාවට එරෙහි වන සියලු ශාරීරික, මානසික ලිංගික අඩන්තේට්ටම් ආදිය සාමාන්‍ය පහරදීම්, දරුණු ලෙස පහර දීම්, පැහැරගෙන යෑම්, තර්ජනය කිරීම්, බිය වැද්දීම්, බලහත්කාරකම, පසුපස යෑම, අවමානාත්මක වචන, බලෙන් හා නීති විරෝධී ලෙස ඇතුළු වීම, ගිනි තැබීම, දේපළ විනාශ කිරීම දක්වා පුළුල් පරාසයක විහිදී පවතී. අතීතය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව කෙලින්ම බලපාන නීතියක් නොතිබුණ තත්ත්වයක් තුළ සාමාන්‍ය පොදු නීතිය යටතේ ප්‍රතිකර්ම සොයායෑමට සිදු විය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි සුවිශේෂී තත්ත්වයන් සඳහා පොදු නීතිය යටතේ ප්‍රතිකර්ම සෙවීම, වැයවන කාලයට හා අනෙකුත් කරුණු අනුව බැලීමේදී එතරම් සාර්ථකත්වයක් නොපෙන්වන ලදි. මෙම අඩුව සපුරාලමින් නව නීතියක් ලෙස 2005. අංක 34 ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත අප නීති පද්ධතියට එක්විය. මෙමගින් පීඩාවට පත්වන පාර්ශ්වයට ආරක්ෂණ නි ලබා ගැනීමේ හැකියාව පවතී.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයන්ට මෙන්ම කාන්තාවන් මානසික හා කායික හිංසනයට ලක්වීම පිළිබඳ කෙතරම් ජාතික හා ජාත්‍යන්තර නීතිරීති මාලාවන් පැවතිය ද ඒ තුළින් ප්‍රචණ්ඩත්වය නවතා කාන්තාවන් හට ඇත්තටම නිදහස් පරිසරයක් නිර්මාණය කර දිය හැකිද?

.jpeg)

Comments
Post a Comment